සාහිත්‍ය විචාරකයන්ට පමණක්ම නෙවෙයි කඩ පිලේ මග තොටේ හිඳගෙනද, Blog Comment ලෙසද විචාර දක්වන නෝනා/මහත්වරුන්ට මට කියන්නට ඇති දෙය නම්:
මම කවි ලියමි
කවි චගේ පෙනෙන වෙන වෙන දේ ද ලියමි
කතා ද ලියමි
ඉඳගෙනද හිටගෙනද ලියමි
දේශපාලනයක් ගැන නොලියමි
මහත්වරුනි
මා ලිවුවේ කවි පමණක්ය
මා ලිවුවේ මිනිසුන් ගැනය
මා ලිවුවේ ගහ කොළ ඇල දොළ ගැනය
ඉර හඳ යට, ගහ කොළ අසබඩ
මිනිසුන් ජීවිතය ගැට ගසනා අන්දම් ගැනය
ඉන් දේශපාලනයක් කලේ මහත්වරුනි නුඹය
බඩගින්නට පාටක් පක්‍ෂයක් නැත
මනුස්සකමට ජාතියක් ජන්මයක්ද නොමැත
සතා සීපාවාට ගහ කොළට මිළක්ද නොමැත
ඒ ගැන ලියැවෙනා බැවින්
මගේ කවියට දේශපාලනයක්ද නැත
මා රැවුලත් වවා නැත, සටන් පාටද කියා නැත
තාප්පයේ බෝක්කුවේ හිඳ පොදු වැසිකිළිය දක්වාම
පෝස්ටර් ගසා නැත
රූප පෙට්ටියේ දී ගුණ ගායනා කරවාගෙනද නැත
කුමන්ත්‍රන ගැනද, එ මතු
අ ඉ උ යනාදී අසූ කෙළක් වූ
දේශපාලනික මතවාද, සංවාද මෙකී නොකී
ප්‍රවාද අපවාද ගැනද මහත්වරුනි
මා නොලිවුවේමැයි
මා නිවටයකු වන්නට ඇත
නිවටයකු ලෙස ජීවත්වන්නටද ඉඩ ඇත
ඒත් මා ලියූ කවි ඇත්තයි
මනුස්ස ජාතියට හිතයි
ඉරෙන් දියෙන් පැවතෙනා ලෝකයට අවංකයි
ඒ කවියෙන් දේශපාලන අරුත් සොයන
නුඹ ඉන්නා තැන මහතුනේ හරිම නිරසයි
විචාරයෙන් චාරයක් සෙයන්නැයි කියමින්
නුඹ ගෙනෙනා දෙය අවිචාරයයි
මා කවියක් විතරක්ම වන කවියක් ලියූ විට
හැම දේ ගැනම,
පාට කණ්ණාඩි දාගෙන ඒ කවියෙන්
වචන ඉරාගන්නත්
දේශපාලනයක් කරන්නත් මහත්වරුනේ
නුඹට ඇති සදාචාරය කිම?
© ගවීන් ප්‍රභාසර
මම කවි ලියමි. මට හැඟෙන දැනෙන දේ ලියමි. ගහ කොළේ පටන් මිනිස් ජීවිත අරගලේ ගැන ලියමි. දේශපාලනයක් නොලියමි. මගේ කවියෙන් ඔබ දේශපාලනය නොකරන්න. ඔබ මනුස්සයකු ලෙස කල යුතු දෙය කරන්න.
Thursday, April 23, 2009
Subscribe to:
Post Comments (Atom)
2 comments:
කවිකමි නොදත් අයට
පිළිතුරු දෙන්න
ඔබෙි කවියෙන් ......
හරිම අපුරු අදහසක්!!!
කවියකුගෙන්ම අදහසක් දැනගන්නට ලැබීම සතුටක්. :)
Post a Comment