මීට හෝරා කීපයකට පෙර උදා වූ අලුත් අවුරුද්ද සාමය සෞභාග්‍යය සපිරි සිරි සුබ නව වසරක් වේවා!
අවුරුද්ද ගැන පාසල් කාලයේ ලියූ කවියක් මෙහි සටහන් තබා ඔබට අවුරුදු සිරිය රිසි සේ විඳගන්නට යන්න ඉඩ දෙන්නම්.
වෙල් ලන්ද දිගේ අවුරුද්ද ඇවිත්
සූරිය දෙවියෝ වැඩ අල්ලාලා
කොවුල් කැලට තොර තෝංචියක් නැති
ඒ කතන්දරේ කෑ ගහලා
බැද්ද පුරාවට රංචු ගැහී
හැඩකාර මල් පොකුරු හිනැහීලා
නෑදෑගම් යන සමනල රෑනම
ගොඩවී යන්නට ඇවිදිල්ලා
මැද්දෙ වෙලේ පැහිලා වැනි වැනි උන්
කරල් කමත මැද ගොඩ ගැහිලා
ගම් මැද්දේ රත්තරන් ගලා යයි
අවුරුදු සුවඳට ඉව අල්ලා
බක් මහ එලියට දිස්නෙ දිදී
ගම්මානෙ ඉතින් කල එලි වැටිලා
තරගෙට නෑගම් යන්න කලින්
එක සී පදයක්වත් කියපල්ලා
© ගවීන් ප්‍රභාසර
ඔබ සැමට සුබ නව වසරක්!
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment