ජීවිතේ අනේක දේ සිදුවෙමින්, අතුරු ආන්තරා සිදුවෙමින්, රාජකාරිවලටම විතරක් ගලා ගිය පසුගිය මාස ගනණාවකට පස්සේ, අනාගතේ ගැන හිතා බලන්නටත්, හිතේ නිදහසේ ඉන්නටත් ඉඩක් ඔන්න ලැබුනු නිසා,....
බිඳක් වැටුණු මහ පොළොවට
ගඟක් ගලන තුරු ගැන ගැන
හිතක් අරා පැතුම් පුරා
හීන පෙනෙනවා
හිසෙන් බිම තබා මහ මෙර
කටු කොලේ නවා ගත්තම
කාබන් පෑනෙන් ආයෙත්
වචන ගලනවා
පෙනෙන්නට නුබේ තරු මිණ
පමා වැඩි වුනත් එළිවෙන
පාන්දරට හදිස්සියේ
පාර පෙනෙනවා
ලිතෙන් දින බලා ගැන ගැන
බලාගෙන උන්නු පන්හිඳ
මුකුත් වුනු නොවුනු ගානට
කුරුටු ගානවා
පහේ කණිසමත් ලඟ ලඟ
එතත් හිතට ආ නිදහස
ඔහේ මොකද කියා යලිත්
කවි අමුනණවා
නිවා යන්තරේ හනිකට
නිදා ගන්න ඇතත් අදට
තබා සටහනක් විගහට
යතුරු ලියනවා
© ගවීන් ප්රභාසර
(විනාඩි ගනණකින් කුරුටු ගා,... නිදිමත හැදෙන්නට පෙර යතරු කල බැවින්, අකුරු, වියරණ හා අන් දොස් ඇතොත් කමන්න.)
Wednesday, March 4, 2009
Subscribe to:
Post Comments (Atom)
2 comments:
නව ආරක් ගත් කවි පද වැල කියවද්දී නිසි තාලයක් දැනෙනවා. ඇත්තටම දවස පුරා වෙහෙසවී අන්තිමට නින්දට යන්නට පෙර ඉතිරි වන සිතුම් රෑන ඒ අයුරින්ම කවි කර ලියූ මේ කවි සිත්තම සුන්දරයි.
එපා නැවතිලා ඉන්නට
ලියා ගෙන ගිහින් හනිකට
තවත් කවි අරන් එනතුරු
බලා ඉන්නවා
බොහෝ වෙහෙසිලා ඇති මුත්
ඇවිත් ඉසඹු ලත් සැනෙකට
අකුරු කල ඔබේ අදහස
බොහොම වටිනවා
Post a Comment