Friday, December 26, 2008

On this day, 4 years ago

The Tsunami (2004 Great Asian Tsunami) happened.

That's it, no description needed. I tried to write a post on my account of the Tsunami. It was not fun. So I just stopped trying to finish it. Sorry, I just don't feel like remembering the scenes of horrific devastation and I'm not even a victim of the Tsunami. May be next year.

Let this be a tribute to the hundreds of thousands of lives that were lost! Let this be a tribute to the people of the region, who could not be crushed, whose
courage could not be drained! For the people who built their communities back from the rubble left!

Note: I checked the Wikipedia page about the Tsunami, and I'm seriously not sure about the numbers there. Perhaps no one will ever be.

Saturday, December 6, 2008

Linux + Open Source ගැන වැරදි මත දෙකක් හා හිතන්නට යමක්

විවෘත (Open Source) මෘදුකාංග වලත් අඩුපාඩු තියන බව කවුරුත් දන්න නිසා ඒ ගැන නොකියා, වැරදි මත කීපයක් ගැන කියන්නම්. කොහොම වුනත් මේ කියන්න යන්නේ විවෘත මෘදුකාංග සර්ව සම්පූර්ණයි කියල නෙවෙයි, සමහරු කියන කතා ඇත්තටම එහෙමද කියලයි.

මුලින්ම කතා කල යුතු දේ තමයි Linux පද්ධති User Friendly නැතැයි කියමින් Vista / XP නියමයි කීම. මේ දෙකේම ගුණ අගුණ ඇතත්, මෙහෙම කියන එකේ හේතුවනම් බොහෝවිට Windows වලට පුරුදු වීම තමයි. ජන්මෙට වඩා පුරුද්ද ලොකුවන නිසා, හොරාට (නීති විරෝධී ලෙසට) Windows භාවිතයට පුරුදු වුනු අපට, නීති නොකඩා නොමිලයේ නිදහසේ Linux භාවිතය අමාරු වෙනවා. Linux පරිශීලකයකුට Vista අතුරුමුහුනත විටක මහා විකාරයක් වෙන්නෙත් ඒ නිසාම තමයි. මුලින් භාවිතා කරන කෙනෙකුට ඔය හැඩයි, මාරයි කියන Mac වුනත් අමාරු ඒ නිසාම තමයි. කොහොමවුනත් Linuxවල හැඩ අතුරු මුහුනත් නැතැයි කියන කතාව මා තරයේම ප්‍රතික්‍ෂේප කරනවා. එය පැහැදිලි මිථ්‍යාවක්.

දෙවැනි කාරණය තමයි Linux වලට Hardware Support හරි නැතැයි කීම. ඇත්තම කිවුවොත් වැඩිම hardware මාදිලි ප්‍රමාණයකට සහය දෙන මෙහෙයුම් පද්ධතිය Linux තමයි. ඔබේ hardware එකේ Linux ධාවක (drivers) නැතත් Windowsවලට ඇත්තේ Windowsවල හොඳකම නිසානම් නෙවෙයි. ඒ ඔබේ hardware vendor ඔබ ගැන හරිහැටි නොහිතන / ඔබට හරි හැටි නොසලකන නිසයි. Open Sourceවලට බනින එකට වඩා ඔබේ hardware vendor ඔබ පිච්චියකට මායිම්‍ නොකරන එක ගැන හිතන්න කාලය හරි. මේ ලෝකයේ ඉන්නා මිලියන ගනණක් මා වැනි Linux පරිශීලකයන් නොසලකා හැරීම ගැන දැන් දැන් දෘඩාංග නිෂ්පාදකයන් දෙවරක් හිතන්න පුරුදුවීම මෘදුකාංග හා පාරිභෝගික නිදහසේ ජයග්‍රහනයක්.

හැම මෘදුකාංගයක්ම නිදහස් හෝ විවෘත මෘදුකාංගයක් විය යුතුයැයි මා කියන්නෙ නෑ. එසේ වෙනවානම් අගෙයි. එහෙත් එය එසේම විය යුතුයැයි කීම මෘදුකාංග නිෂ්පාදකයාගේ නිදහසට ගරු නොකිරීමකි. මෘදුකාංග නිදහස මා විශ්වාස කරන අතරම, මෘදුකාංග නිෂ්පාදකයාගේ නිදහසටද මම ගරු කරමි. මා ඔවුනගේ මෘදුකාංග භාවිතා නොකිරීම වෙනම කතාවකි.

Linux හා Open Sourceවලට බනිමින් ඉන්නා ඔබට කියන්නට දෙයක් ඇත. ඔබේ අවශ්‍යතාවය නිදහස් හා විවෘත මෘදුකාංගවලින් ඉටු නොවේනම්, ඔබ කැමති මෘදුකාංගවලින් එය ඉටුකරගන්න. ඒ ගැන කිසිම ආරෝවක් නැත. :) එය ඔබට හිමි නිදහසයි.

නිදහස් හා විවෘත මෘදුකාංග යනු අපේ අවශ්‍යතා ඉටු කරගැනීමට සඳහා අපට රිසි සේ, නීත්‍යානුකූලව, වැට කඩුලු නොදමා, සම්පූර්ණ නිදහසේ භාවිතා කිරීමට ඔබ අප විසින්ම නිපදවන මෘදුකාංගයි. ඒවා වැඩි දියුණුකිරීම හෝ භාවිතා කිරීම නොකිරීම ඔබ අපේ කැමැත්තයි. ඒ ගැන ඔබ එරෙහි වනවානම්, තැන තැන බැන බැන, ඔලොක්කු කරමින්, අපේ නිදහස පාච්චල් කරමින් සිටිනවානම්, ඔබ ඔබේ සහ මගේ නිදහස අගය නොකරනවායැයි මම සිතිමි.

ඔබේ නිදහසට ඔබ කැමති දෙයක් කරගැනීම ඔබේ වැඩකි. එහෙත් මා මගේ (මෘදුකාංග) නිදහස භුක්ති විඳීම ඔබට සිනාසෙන්නට කාරණයක් නම්,............... මම ඔබට දැඩි සේ අනුකම්පා කරමි. :)

මේ ගැන ඔබට හිතන්නට යමක් ඉතිරි කොට මේ ලිපිය එහෙනම් අවසන් කරමි.