Saturday, July 19, 2008

දන්කෝ

මම මේ බ්ලොග් අඩවියෙ ලියන්න හිත හිත හිටියත් වෙලාවක් නම් ලැබුනෙම නැහැ. රාජකාරි කටයුතු හා තවත් කල යුතු වැඩ බොහොමයක් තිබුනු නිසාවෙන් මේ බ්ලොග් අඩවියට ඉඩක් දෙන්න අසිරු වුනා. මේ අඩවිය තියා, මා නිතර ලියන මගෙ අනිත් (තාක්ෂණික,... තාම geek යන යෙදුමට සිංහල යෙදුමක් හොයාගන්න ලැබුනෙ නැහැ :) අඩවිය Gaveen's Blogවත් හරි හමං විදියකට පවත්වාගෙන යන්න අමාරු වුනා. කොහොම නමුත් මෙන්න ඉතිං මගෙ (මගෙම මගෙ) පළමු සිංහල බ්ලොග් සටහන.

සටහන: කලින් කිව්වා වාගෙම "ප්‍රභාසර" අඩවිය සිංහල පමනක්වන අඩවියක් නොවෙයි. නමුත් සිංහල ලිපි හා කවි බලාපොරොත්තු වුනාට වරදක් නැහැ. :)

මෙ පෙන්නන්නට යන කවිය හදිස්සියෙන් ලියා මාසයක්, දෙකක් ඇති. මෙහි පලකරන්නට හිතුනෙ ජනප්‍රිය සිංහල බ්ලොග් අඩවික් වන "නිදහස් අදහස්"හි තිබුනු සටහනක් දැකලයි.

මක්සිම් ගෝර්කි නම් අප කවුරුත් දන්න ලෙෝකප්‍රකට ලේඛකයාගෙ එක කෙටි කතාවක තිබුනු දන්කෝගෙ කතාව, මගෙ හිතෙ තදින් වැදුනු කතාවක්. පැය ගණනක් ඒ ගැන ලියන්න හැකිවුනත්, වැල් වටාරම් නොකියා කවිය ඉදිරිපත් කරන්නම්. ඒ පැය ගණනක් යන කතාව ඔබට මෙ කවෙන් දැනෙයි නම්‍, මට සතුටු විය හැකි.



යුනිකොඩ් සිංහලෙන් බ්ලොග් ලියන්නට තව මහන්සි වෙන්න උවමනා වෙයි වගෙ. :)

This is inspired by the Maxim Gorky's story about the flaming heart of Danko.

0 comments: